දිට්වා ආපදාවෙන් හානියට පත් කච්චිමඩුව වැව, ලබුගල වැව සහ ගල්කිස්ස අමුණ ඇතුළු වාරිමාර්ග හා යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘති තුනක් අද (25) ආණමඩුව ප්‍රදේශයේදී නිල වශයෙන් ආරම්භ විය.
රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න සහ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්විණි. ආපදාවට පත් ජනතාවගේ ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සහ විනාශ වූ යටිතල පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2026 වසර තුළ රුපියල් කෝටි 50,000 ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බවත්, හානියට පත් බෝධික්කාරාම පන්සලේ ටැම්පිට විහාරගෙය ද සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් ප්‍රතිසංස්කරණය කරන බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
















