දුම්වැටි භාවිතය හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ දිනකට පුද්ගලයන් 50 දෙනෙකු පමණ මියයන බවත්, එම පිරිස අතර මෙරට පවුල් සංස්ථාවන්හි කුළුණක් බඳු වන පියවරුන් සහ ස්වාමිපුරුෂයන් බහුලව සිටීම නිසා රටේ අනාගත පරපුර දැඩි සමාජීය සහ ආර්ථික අර්බුදයකට මුහුණ පා ඇති බවත් නවතම දත්ත මඟින් අනාවරණය වේ. මෙලෙස පවුලක ප්‍රධාන ආදායම් උපයන්නා මෙන්ම දරුවන්ගේ ආරක්ෂකයා අකාලයේ මියයෑමෙන් අසරණ වන පවුල් සංඛ්‍යාව දිනෙන් දින ඉහළ යන අතර, එය සමස්ත දේසයේම අනාගත බලාපොරොත්තු සුන් කරන්නක් බව සෞඛ්‍ය විශේෂඥයෝ පෙන්වා දෙති. දුම්වැටි නිසා වැලඳෙන පිළිකා, හෘදයාබාධ වැනි මාරාන්තික නොවන රෝගාබාධ සඳහා වැය වන අධික පිරිවැයට අමතරව, රටට සිදුවන මෙම මානුෂීය හානිය අවම කිරීම වෙනුවෙන් දුම්වැටි උවදුර පාලනය කිරීමට රජය වහාම දැඩි ක්‍රියාමාර්ග සහ ප්‍රතිපත්තිමය තීන්දු ගත යුතු බව සිවිල් සංවිධාන හා විද්වත්හු අවධාරණය කර සිටිති.
















