රාජ්‍ය දේපල සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව මත හිටපු අමාත්‍යවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙකු ලෙස කටයුතු කළ පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම සැකකරු 52 හැවිරිදි කොළඹ 02 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඔහු සේවා හා පොදු පහසුකම් අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයා ලෙස සේවය කළ කාලසීමාවේදී මෙම අපරාධය සිදුකර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු විසින් රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ කටයුතු සඳහා කුලී පදනම මත ලබාගත් වාහන, පෞද්ගලික මාධ්‍ය කටයුතු සඳහා භාවිතා කරමින් රුපියල් 1,746,000ක (දස ලක්ෂ හත්ලක්ෂ හතළිස් හය දහසක) මුදලක් සාපරාධී ලෙස සාවද්‍ය පරිහරණය කර ඇත. මෙම ක්‍රියාව පොදු දේපල පනත යටතේ වරදක් වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරමින් පවතී.
















