රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන නව ත්රස්තවාදයෙන් රාජ්ය ආරක්ෂා කරගැනීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් ගොනු කර තිබෙන පෙත්සම්වලට අදාළ වාචික දේශන ඉදිරිපත් කිරීම අගවිනිසුරු ප්රීති පද්මන් සූරසේන මහතා ප්රමුඛ ත්රිපුද්ගල ශ්රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද (21) අවසන් කෙරුණි.
මෙම නඩුකරවලට අදාළ ලිඛිත දේශන පවතී නම් ඒවා ලබන සිකුරාදා දිනට පෙර ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල විසින් නියෝග කර ඇති අතර, ඉන් අනතුරුව අදාළ පනත් කෙටුම්පතේ ව්යවස්ථානුකූල භාවය පිළිබඳ ශ්රේෂ්ඨාධිකරණයේ රහසිගත නිගමනය පාර්ලිමේන්තුවේ කථානායකවරයා වෙත නිල වශයෙන් යොමු කිරීමට නියමිතව ඇත.














