කොළඹ රිජ්වේ ආර්යා (Lady Ridgeway) රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය තුන් හැවිරිදි “හන්දි” නම් දරුවාගේ සිද්ධිය සම්බන්ධයෙන් වසර තුනක කාලයක් ගතවී ඇතත් මෙතෙක් කිසිදු වාර්තාවක් ලැබී නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පාර්ලිමේන්තුවේදී දැඩි ලෙස ප්‍රශ්න කළේය.
2023 ජුලි 27 වැනි දින කොටහේන ප්‍රදේශයේ පදිංචි මෙම දරුවා එක් වකුගඩුවක රෝගී තත්ත්වයක් සඳහා රෝහල්ගත කර ඇති අතර, එහිදී වෛද්‍ය ප්‍රතිකාර අතරතුර දරුවාගේ වකුගඩු දෙකම ඉවත් කිරීම හේතුවෙන් දරුවා මියගොස් ඇත. සිද්ධියෙන් පසු දරුවාගේ දෙමාපියන් සෞඛ්‍ය අමාත්‍යාංශයට පැමිණිලි කළද, මේ දක්වා ඒ සම්බන්ධයෙන් නිසි පරීක්ෂණ වාර්තාවක් හෝ සාධාරණයක් ඉටු වී නොමැති බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.














