පාසල් පද්ධතිය තුළ බරපතළ ගුරු හිඟයක් පවතින බවත්, ගුරු පුරප්පාඩු පිරවීම සඳහා සිදුකරන බඳවා ගැනීම් මේ වන විට අර්බුදයකට ලක්ව ඇති බවත් ලංකා ගුරු සංගමය පවසයි. එහි ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේ බඳවා ගැනීම් සඳහා නිකුත් කළ ගැසට් නිවේදනයේ විධිමත්භාවයක් නොමැති වීම මෙම තත්ත්වයට හේතුවක් බවයි.
මීට පෙර ගුරු පුරප්පාඩු 46,000ක් පැවති බව ප්රකාශ කළද, පසුව එම සංඛ්යාව 36,000ක් ලෙස සඳහන් වූ බව ජෝසප් ස්ටාලින් මහතා පැවසීය. එවැනි පුරප්පාඩු සංඛ්යාවක් පවතින පසුබිමක ගුරුවරුන් 23,000ක් බඳවා ගැනීමට සැලසුම් කර තිබුණද, සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවා ඇත්තේ අයදුම්කරුවන් 23,000කට ආසන්න පිරිසකගෙන් මූලික වටයට 17,000ක් පමණක් බව ඔහු පෙන්වා දුන්නේය.
එමෙන්ම, අනුප්රාප්තික ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් වසර 12ත් 13ත් අතර කාලයක් එකම පාසලේ සේවය කරමින් ස්ථාන මාරු ලබාගැනීමට නොහැකිව සිටින ගුරුවරුන් විශාල පිරිසක් සිටින බවද ලංකා ගුරු සංගමයේ ලේකම්වරයා සඳහන් කළේය. සම්මුඛ පරීක්ෂණ ලබන මාසයේ මැද භාගයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත්, පත්වීම් ලබාදීම ජනවාරි මාසය දක්වා ප්රමාද විය හැකි බවත් පෙන්වා දෙමින්, ගුරු පුරප්පාඩු පිරවීම සඳහා කඩිනම් විසඳුමක් අවශ්ය බව ඔහු අවධාරණය කළේය.














