ශ්‍රී ලංකාවෙන් බැහැරට සිදු කෙරෙන අනවසර මුදල් මාරු කිරීම් “අපරාධ වැරදි” ලෙස හඳුනා ගැනීම පිණිස 2017 අංක 12 දරන විදේශ විනිමය පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩලයේ ප්‍රතිපත්තිමය අනුමැතිය හිමි වී තිබේ. මෙම යෝජනාව මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇත.
විදේශ විනිමය පනතේ දැනට පවතින ප්‍රතිපාදන යටතේ මෙවැනි අනවසර මුදල් මාරු කිරීම් සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ප්‍රේෂණයේ වටිනාකමට සමාන මුදලක් මූල්‍ය දඩයක් වශයෙන් පැනවීම හැර වෙනත් අපරාධ නඩු පැවරීමේ නෛතික ප්‍රතිපාදන අඩංගු වී නැත. විශේෂයෙන්ම, භාණ්ඩ ආනයනය සඳහා අත්තිකාරම් ලෙස මුදල් යවා සාධාරණ කාල සීමාවක් තුළ අදාළ භාණ්ඩ ආනයනය කිරීමට අපොහොසත් වන අවස්ථා වැනි ක්‍රියාවන් මෙහිදී අනවසර මාරු කිරීම් ලෙස සැලකේ.
මෙම සංශෝධන හරහා විදේශ විනිමය පනත යටතේ අනවසර අරමුදල් මාරු කිරීම් අපරාධ වරදක් ලෙස ස්ථාපිත කරන බැවින්, විමර්ශන සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට එවැනි සිදුවීම්වලට එරෙහිව ඵලදායී ලෙස පියවර ගැනීමට අවස්ථාව උදා වේ.














