පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ 8 වන ආසියානු කලාපීය සමුළුව සහ ආසියානු හා අග්නිදිග ආසියානු කලාපීය 3 වන ඒකාබද්ධ සමුළුව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකාව විසින් සත්කාරකත්වය සැපයීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
මෙම සමුළු 2027 වර්ෂයේ අප්‍රේල් හෝ මැයි මාසවලදී දින තුනක් පුරා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, ආසියානු සහ අග්නිදිග ආසියානු කලාප තුළ පිහිටි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ සාමාජික රටවල් නියෝජනය කරමින් කථානායකවරුන්, නියෝජ්‍ය කථානායකවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ නිලධාරීන් ඇතුළු නියෝජිතයින් 90 දෙනෙකු පමණ මීට සහභාගී වීමට නියමිතය.
පාර්ලිමේන්තු රාජ්‍යතාන්ත්‍රිකභාවය සහ කලාපීය සහයෝගිතාව ශක්තිමත් කරගැනීමත්, පොදුරාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමය තුළ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ ජාත්‍යන්තර පිළිගැනීම වැඩිදියුණු කරගැනීමත් අරමුණු කරගනිමින් මෙම යෝජනාව අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කර ඇත.














