හරිත දේශගුණ අරමුදලේ (Green Climate Fund – GCF) නැගෙනහිර හා දකුණු ආසියාව සඳහා වන කලාපීය සංවාදය 2026 සැප්තැම්බර් 14 සිට 17 දක්වා කොළඹදී පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාවේ හරිත දේශගුණ අරමුදලේ ජාතික බලයලත් අධිකාරිය වන පරිසර අමාත්‍යාංශය සහ හරිත දේශගුණ අරමුදල එක්ව සංවිධානය කරන මෙම සංවාදය සඳහා බංගලාදේශය, භූතානය, චීනය, ඉන්දියාව, මාලදිවයින, මොංගෝලියාව, නේපාලය, පාකිස්තානය, දකුණු කොරියාව, ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් 11කින් නියෝජිතයන් 120කට අධික පිරිසක් සහභාගී වීමට නියමිතය. දේශගුණික ආයෝජන සඳහා විශ්වාසදායක හවුල්කරුවෙකු ලෙස ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය තුළ ස්ථානගත කිරීම සහ කලාපීය හවුල්කාරිත්වයන් ශක්තිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.














