බිම්ස්ටෙක් (BIMSTEC) තාක්ෂණ සංක්රමණ පහසුකම් මධ්යස්ථානය (Technology Transfer Facility) ශ්රී ලංකාවේ ස්ථාපිත කිරීම සහ මෙහෙයවීම සඳහා වන ගිවිසුමට අත්සන් තැබීමට විද්යා හා තාක්ෂණ අමාත්යවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
2008 නවදෙල්ලිය සමුළුවේදී යෝජනා වී, 2022 කොළඹ පැවැති 5 වන බිම්ස්ටෙක් සමුළුවේදී අත්සන් තබන ලද සහයෝගිතා එකඟතාවට අනුව මෙම මධ්යස්ථානය මෙරට ස්ථාපනය කෙරේ. බිම්ස්ටෙක් කලාපීය සාමාජික රටවල ක්ෂුද්ර, කුඩා සහ මධ්ය පරිමාණ ව්යවසායයන් සඳහා තාක්ෂණය සැපයීම, ධාරිතා සංවර්ධනය සහ බුද්ධිමය දේපළ කළමනාකරණය මෙමගින් සිදුකිරීමට නියමිතය. විදේශ කටයුතු අමාත්යාංශයේ සහ නීතිපතිගේ නිසි අනුමැතීන් ලත් මෙම ගිවිසුම ඉදිරියේදී බිම්ස්ටෙක් ලේකම් කාර්යාලය සමඟ අත්සන් කිරීමට නියමිතය.
















