ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසන්නේ, සංචාරක කලාප 20ක් ගැසට් කිරීමට කටයුතු යොදා ඇති බවයි. මෙම කලාප ගැසට් කිරීම ලබන නොවැම්බර් මාසයට පෙර සිදු කිරීමට නියමිතය.සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික හේවාවසම් මහතා සඳහන් කළේ, මෙරටට වැඩි සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මෙම පියවර ගත් බවයි.මේ අතර, වසරේ ගතවූ කාලසීමාව තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,076,487ක් වේ. ඉන් වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 272,099ක් ලෙස වාර්තා වීම විශේෂත්වයකි.
















