මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට ජූලි 26 වැනිදා දක්වා කාලය තුළ මෙරටට පැමිණි සමස්ත සංචාරකයන් සංඛ්‍යාව 1,313,974 දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ජූලි මාසයේ මුල් දින 26 තුළ පමණක් සංචාරකයන් 167,401 දෙනෙකු මෙරටට පැමිණ ඇති අතර, ඉන් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ ඉන්දියාවෙනි. ජූලි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයන් 38,785ක්ද, එක්සත් රාජධානියෙන් 18,419ක්ද, නෙදර්ලන්තයෙන් 10,540ක්ද ලෙස පැමිණ තිබේ.
වසරේ ගතවූ සමස්ත කාලසීමාව සැලකීමේදීද වැඩිම සංචාරකයන් පිරිසක් ඉන්දියාවෙන් පැමිණ ඇති අතර එම අගය 310,293කි. මීට අමතරව එක්සත් රාජධානියෙන් 126,986 දෙනෙකු ඇතුළුව විශාල පිරිසක් මෙරටට පැමිණ ඇත. මෙම වසරේ වැඩිම සංචාරකයන් පිරිසක් වාර්තා වී ඇත්තේ පෙබරවාරි මාසයේදී වන අතර එම සංඛ්‍යාව 279,328කි.














