විදේශගතව සිටිමින් මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවූ සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “රත්මලානේ සයිමා” නමැත්තා මැලේසියාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු දිවයින පුරා විවිධ ප්‍රදේශවල කාන්තාවන් ඇතුළු පිරිස් යොදාගනිමින් සංවිධානාත්මක ලෙස මත්ද්‍රව්‍ය ජාලයක් පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පවසයි.














