ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, 2026 ජූලි මාසයේ මුල් දින 19 තුළදී මෙරටට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 118,935ක් දක්වා ඉහළ ගොස් තිබේ.
මේ අනුව ජූලි මාසයේ දෛනික සංචාරක පැමිණීමේ සාමාන්‍යය 6,260ක් ලෙස සටහන් වන අතර, එය මධ්‍යම ආසියානු හා මැදපෙරදිග අර්බුදවලින් පසු පසුගිය මාස කිහිපය තුළ වාර්තා වූ දෛනික සාමාන්‍යයන්ට වඩා සැලකිය යුතු ඉහළ යාමකි. මෙම කාලය තුළ වැඩිම සංචාරකයින් පිරිසක් ඉන්දියාව, එක්සත් රාජධානිය, චීනය, නෙදර්ලන්තය, ඔස්ට්‍රේලියාව සහ ප්‍රංශය යන රටවලින් පැමිණ ඇත.
















