ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත් කළ සැප්තැම්බර් මාසයේ හොඳම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු නිර්දේශ වී තිබෙනවා.
පසුගිය සැප්තැම්බර් මාසයේදී චමරි අතපත්තු දැක්වූ විශිෂ්ට පිතිහරඹය සහ නායකත්වය පදනම් කරගනිමින් ඇය මෙම සම්මානය සඳහා නිර්දේශ කර ඇති බව ICC නිවේදනය කර තිබෙනවා.














