මෙම වසරේ (2026) අද (10) දිනය වන විට ශ්‍රී ලංකාවට පැමිණි සමස්ත විදේශීය සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 12 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව තහවුරු වේ. ජූලි 08 වනදා වන විට සංචාරකයින් 1,192,705ක් පැමිණ සිටි අතර, ඊයේ සහ අද දෙදින තුළ පැමිණි පිරිසත් සමඟ මෙම කඩඉම පසුකර ඇත. මේ අතර, මේ වන විට මෙරට සංචාරක ඉපැයීම් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවා ඇති බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ මහතා ප්‍රකාශ කළේය. වසර අවසාන වන විට මෙරටට ලක්ෂ 25ක (මිලියන 2.5) සංචාරක පැමිණීමක් අපේක්ෂා කරන බවත්, තත්ත්වය තවදුරටත් යහපත් වුවහොත් එය ලක්ෂ 27 සිට ලක්ෂ 30 දක්වා ඉහළ යා හැකි බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
















