“රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කිරීමෙන් පසුව, ඊට පෙර වසරවලට සාපේක්ෂව මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයින් පුනරුත්ථාපනය සඳහා යොමුවීම 65%ක විශාල වර්ධනයක් පෙන්වන බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් කේ.කේ.එස්. කොතලාවල මහතා පවසයි. ඊයේ (10) පැවැති මාධ්‍ය හමුවකදී ඔහු සඳහන් කළේ පාසල් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් දිවයින පුරා දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක වන බවයි. එමෙන්ම, පුනරුත්ථාපන උපදේශන සේවා ශක්තිමත් කිරීම සඳහා අලුතින් උපදේශකයින් 37 දෙනෙකු බඳවා ගැනීමට සැලසුම් කර ඇති අතර, මත්ද්‍රව්‍ය සම්බන්ධ ඕනෑම සහායක සේවාවක් සඳහා 1927 ක්ෂණික ඇමතුම් අංකය විවෘතව පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
















