ශ්‍රී ලංකාවේ අනාගත පාරිසරික අභියෝග ජය ගැනීම සහ පාරිසරික සාක්ෂරතාව ඉහළ නැංවීම අරමුණු කරගනිමින් එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන (UNEP) සමඟ එක්ව විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.
මෙම වැඩපිළිවෙළ යටතේ ජාතික පාරිසරික සාක්ෂරතා දර්ශකයක් සකස් කිරීම, තරුණ පාරිසරික කමිටු සහ විශ්වවිද්‍යාල තරුණ සංසද පිහිටුවීම මගින් තරුණ පරපුර පාරිසරික කටයුතු සඳහා සක්‍රීයව දායක කර ගැනීමටත්, ක්‍රීඩාව වැනි ක්ෂේත්‍ර හරහා පාරිසරික සංරක්ෂණය ප්‍රවර්ධනය කිරීමටත් විශේෂ අවධානය යොමු කර ඇත.
මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා UNEP ආයතනය හරහා අවශ්‍ය තාක්ෂණික සහාය, ධාරිතා සංවර්ධනය සහ ගෝලීය අරමුදල් ලබා ගැනීමට අවශ්‍ය පියවර ගැනීමට සාකච්ඡා වී තිබේ.
















