එක්සත් ජාතික පක්ෂය (එජාප) අද (17) විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශූ මාරසිංහ මහතා වර්තමානයේ පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි.
එම නිවේදනය හරහා පක්ෂය වැඩිදුරටත් අවධාරණය කරන්නේ, අශූ මාරසිංහ මහතා කිසිදු ආකාරයකින් එක්සත් ජාතික පක්ෂයේ මතවාද නියෝජනය නොකරන බවයි. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධුර කාලය තුළ, ඒ මහතාගේ උපදේශකවරයෙකු ලෙස අශූ මාරසිංහ මහතා කටයුතු කළ ද, ඔහු මේ වන විට පක්ෂය සමඟ කිසිදු සම්බන්ධයක් නොමැති බව එජාපය පෙන්වා දෙයි.
















