ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් සංචාරක ඉපැයීම් ඇස්තමේන්තු කිරීමේ ක්‍රමවේදය 2026 මැයි මාසයේ සිට සංශෝධනය කර තිබේ. මෙම නව ක්‍රමවේදය මගින් රට අනුව සංචාරක පැමිණීම්, සාමාන්‍ය දෛනික වියදම සහ සාමාන්‍ය රැඳී සිටින කාලය පිළිබඳ දත්ත වඩාත් නිරවද්‍යව ඇතුළත් කිරීමට පියවර ගෙන ඇත.
මෙම සංශෝධිත ක්‍රමවේදයට අනුව, 2026 වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලසීමාව සඳහා වූ මාසික සංචාරක ඉපැයීම් දත්ත පහත පරිදි යාවත්කාලීන කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ජනවාරි මස ඉපැයීම් ඩොලර් මිලියන 413.8 ක් ලෙස (පෙර ඇස්තමේන්තුව ඩොලර් මිලියන 378.3) සහ පෙබරවාරි මස ඉපැයීම් ඩොලර් මිලියන 381.4 ක් ලෙස (පෙර ඇස්තමේන්තුව ඩොලර් මිලියන 352) දැක්වේ. එසේම මාර්තු මස ඉපැයීම් ඩොලර් මිලියන 244.8 ක් ලෙස (පෙර ඇස්තමේන්තුව ඩොලර් මිලියන 223.7) සහ අප්‍රේල් මස ඉපැයීම් ඩොලර් මිලියන 164.3 ක් ලෙස (පෙර ඇස්තමේන්තුව ඩොලර් මිලියන 157.1) යාවත්කාලීන කර ඇත.
මෙම සංශෝධනයන් හරහා ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්‍රයෙන් ලැබෙන ආදායම පිළිබඳ වඩාත් නිවැරදි සහ පැහැදිලි දත්ත වාර්තා කිරීම අපේක්ෂා කෙරේ.















