2026 ජූලි මාසයේ දී පුද්ගලික සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 241ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. එය 2026 ජූනි මාසයේ වාහන ආනයන වියදම වූ ඩොලර් මිලියන 182 හා සැසඳීමේ දී මාසික පදනම මත 32%ක ඉහළ යාමක් වන අතර, ඒ අනුව 2026 වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලපරිච්ඡේදය තුළ වාහන ආනයනය සඳහා වූ සමුච්චිත වියදම ඇමරිකානු ඩොලර් මිලියන 1,495ක් (ඩොලර් බිලියන 1.5ක් පමණ) ලෙස වාර්තා වේ. පසුගිය 2025 වසරේ දී වාහන ආනයනය වෙනුවෙන් දරනු ලැබ ඇති සම්පූර්ණ වියදම ඩොලර් බිලියන 2.04ක් ලෙස දැක්විණි.
















