ශ්‍රී ලංකා ස්වේච්ඡා නාවික හමුදාවේ 31 වැනි ආඥාපතිවරයා ලෙස පත්කෙරුණු කොමදෝරු අරුණ විජයවර්‌ධන මහතා 2026 ජූලි 24 වැනිදා වැලිසර පිහිටි ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් වැඩ භාරගෙන තිබේ.
නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නව ආඥාපතිවරයා මූලස්ථානය වෙත පිළිගැනීමෙන් අනතුරුව, ස්වේච්ඡා නාවික හමුදාවේ ආඥාපතිවරයා ලෙස කටයුතු කළ රියර් අද්මිරාල් සුජීව වීරසූරිය මහතා විසින් අදාළ ධුරයේ රාජකාරී කොමදෝරු අරුණ විජයවර්‌ධන මහතා වෙත නිල වශයෙන් භාරදී ඇත.
ස්වේච්ඡා නාවික හමුදා මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් නව ආඥාපතිවරයා වෙත සුබපැතුම් පිරිනමා ඇති අතර, අනතුරුව රියර් අද්මිරාල් සුජීව වීරසූරිය මහතාට නාවික හමුදා සම්ප්‍රදායානුකූලව මූලස්ථානයෙන් සමුදීම සිදුකර තිබේ.
















