සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව්වන් අතර පළමු ටෙස්ට් තරගය නෝර්ත් සවුන්ඩ් හිදී ආරම්භ වූ අතර, කාසියේ වාසිය දිනාගත් කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 308ක් රැස්කළේය.
ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් ලකුණු 42ක් තුළ දැවී තිබියදී, නායක ධනංජය ද සිල්වා (ලකුණු 120) සහ දිනේෂ් චන්දිමාල් (ලකුණු 54) සිව්වන කඩුල්ල වෙනුවෙන් ගොඩනැගූ සබඳතාව ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට හේතු විය. මීට අමතරව, සොනාල් දිනුෂ ලකුණු 43ක් රැස්කරමින් තම දායකත්වය ලබා දුන්නේය. කොදෙව් පන්දු යවන්නන් අතරින් ජස්ටින් ග්‍රීව්ස් කඩුලු 3ක් බිඳ හෙලීය. තරගයේ පළමු දිනය අවසන් වන විට කොදෙව් කණ්ඩායම කිසිවෙකු නොදැවී තම ඉනිම ආරම්භ කර තිබුණි.
















