5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵල පදනම් කරගනිමින් දරුවන්ට ශාරීරික දණ්ඩන පැමිණවීම හෝ මානසිකව හිංසනයට ලක්කිරීම සිදු කළහොත් ඊට එරෙහිව තදින්ම නීතිය ක්‍රියාත්මක කර දැඩි දඬුවම් ලබාදෙන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.
අමාත්‍යාංශය මගින් නිකුත් කළ විශේෂ නිවේදනයක දැක්වෙන්නේ, ප්‍රතිඵල මුල් කරගනිමින් දරුවන් අපහසුතාවයට පත්වන ආකාරයේ කිසිදු ප්‍රචාරණයක් ජනමාධ්‍ය හෝ සමාජ මාධ්‍ය හරහා සිදු කිරීමෙන් ද වළකින ලෙසයි. මෙවැනි ක්‍රියා සියල්ල ළමා හිංසනය යටතේ දඬුවම් ලැබිය හැකි බරපතල වැරදි ලෙස සැලකෙන අතර, දරුවන්ගේ මානසික සෞඛ්‍යය හා අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් වරදකරුවන්ට එරෙහිව උපරිම නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් අවධාරණය කරයි.














