පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් දේශීයව ඇසුරුම් කරන ලද සහ බෝතල් කරන ලද පානීය ජලය සඳහා නව උපරිම සිල්ලර මිල ගණන් (MRP) නියම කර තිබේ. අද (10) සිට ක්‍රියාත්මක වන පරිදි නිකුත් කර ඇති නව ගැසට් නිවේදනයට අනුව මිල සංශෝධනය වී ඇත්තේ මෙසේය; මිලිලීටර 500 සිට 999 දක්වා බෝතලයක් රුපියල් 80ක් ද, ලීටර් 1 සිට 1.499 දක්වා බෝතලයක් රුපියල් 120ක් ද, ලීටර් 1.5 සිට 1.999 දක්වා බෝතලයක් රුපියල් 150ක් ද වේ. මීට අමතරව ලීටර් 2 සිට 2.499 දක්වා බෝතලයක් රුපියල් 180ක උපරිම මිලකටත්, ලීටර් 5 සිට 6.999 දක්වා බෝතලයක් රුපියල් 400ක උපරිම මිලකටත් යටත්ව අලෙවි කළ යුතු බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.
















