කොළඹ වාණිජ පරිසරයට නව සලකුණක් එක් කරමින්, Sasakawa Memorial Sri Lanka–Japan Cultural Center Trust විසින් ඉදිකරන ලද “නිපොන් කාර්යාල ගොඩනැගිල්ල” හෙට (11) දින විවෘත කිරීමට නියමිතය. රුපියල් බිලියන 3ක පිරිවැයකින් කොළඹ 07, වෝඩ් ප්ලේස් (Ward Place) හි පිහිටුවා ඇති මෙම ගොඩනැගිල්ල බේස්මන්ට් මට්ටම් තුනක්, භූමිතලය සහ මහල් දහයකින් සමන්විත වේ. Design Consortium International Limited (DCIL) ආයතනය විසින් ප්‍රධාන ගෘහ නිර්මාණ ශිල්පී මිගාර අල්විස් මහතාගේ මඟපෙන්වීම යටතේ සැලසුම් කර ඇති මෙම ව්‍යාපෘතියේ පයිලිං කටයුතු 2022 ජුනි මාසයේදී සහ ප්‍රධාන ඉදිකිරීම් කටයුතු 2024 ජනවාරි මාසයේදී ආරම්භ විය. නවීන නිර්මාණ ශෛලිය, තිරසාර විශේෂාංග සහ මෙහෙයුම් කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ නවීන යාන්ත්‍රික, විදුලි හා ජල සැපයුම් පද්ධති හරහා ශ්‍රී ලංකාවේ වාණිජ ගෘහ නිර්මාණ ක්ෂේත්‍රයට මෙය නව දිශාවක් සනිටුහන් කරයි.
කාර්යක්ෂමතාව, තිරසාරභාවය සහ පරිශීලක සුභසාධනය කේන්ද්‍ර කරගත් වැඩ පරිසරයක් සහිත මෙම නව පරපුරේ කාර්යාල සංකීර්ණය කොළඹ නගර රූපයට ධනාත්මක දායකත්වයක් ලබා දෙන විශේෂිත ගොඩනැගිල්ලක් ලෙස හැඳින්විය හැක. DCIL ආයතනය ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ බහු විෂය උපදේශන ආයතනයක් ලෙස ගෘහ නිර්මාණ ශිල්පය, සිවිල්, ව්‍යුහ, යාන්ත්‍රික හා විදුලි ඉංජිනේරුකරණය, ප්‍රමාණ සමීක්ෂණය සහ ව්‍යාපෘති කළමනාකරණය ඇතුළු විශේෂඥ කණ්ඩායම් එක් කරමින් මෙම ඒකාබද්ධ නිර්මාණ විසඳුම ලබා දී ඇත. හෙට පැවැත්වෙන මෙම සුවිශේෂී විවෘත කිරීමේ උත්සවයට The Nippon Foundation හි සභාපති Yohei Sasakawa, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති Akio Isomata සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය සහභාගී වීමට නියමිතය.














