මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි සහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරෙන අතර, බස්නාහිර සහ වයඹ පළාත්වල ද වැසි වාර කිහිපයක් වාර්තා විය හැකි බව සඳහන් වේ. මීට අමතරව, මොණරාගල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ අංශ අනතුරු අඟවා සිටියි.
ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළං තත්ත්වයන් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා ජනතාව දැඩි විමසිල්ලකින් හා ආරක්ෂාකාරී පියවර අනුගමනය කරමින් කටයුතු කරන ලෙස බලධාරීන් තරයේ ඉල්ලා සිටී.














