දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය විසින් තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. අද (04) පෙරවරු 11.30ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (05) පෙරවරු 11.30 දක්වා වලංගු වන බව සඳහන් වේ.උතුරු මැද, වයඹ, සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වලට මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට මෙම අවවාදාත්මක නිවේදනය අදාළ වන අතර, එම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි. තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය පූර්ව සූදානම් වීමේ පියවර ගන්නා ලෙස අදාළ ප්‍රදේශවල ජනතාවගෙන් සහ රියදුරන්ගෙන් ඉල්ලා සිටී.














