නැගෙනහිර පළාත ඇතුළුව කිලිනොච්චිය, මුලතිව්, වවුනියාව, පොළොන්නරුව සහ මොනරාගල යන දිස්ත්‍රික්ක සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් විශේෂ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එම නිවේදනයට අනුව, අදාළ ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය (Heat Index), එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ (Caution) මට්ටමක පැවතිය හැකි බව සඳහන් වේ.
මේ හේතුවෙන් ප්‍රමාණවත් ලෙස ජලය පානය කිරීම, අධික වෙහෙසකාරී එළිමහන් කටයුතු සීමා කිරීම සහ කුඩා දරුවන් හා වැඩිහිටියන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
















