කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් උතුරු, උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, නැගෙනහිර සහ ඌව යන පළාත් සඳහා අකුණු පිළිබඳ ප්‍රබල අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම නිවේදනය අද (මැයි 02) රාත්‍රී 11.30 දක්වා වලංගු වේ.
එම දෙපාර්තමේන්තුව පවසන පරිදි, අද පස්වරු 1.00න් පසු අදාළ ප්‍රදේශවල ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි අතර, එහිදී ප්‍රබල අකුණු සහ තද සුළං ඇතිවීමේ හැකියාව පවතී. අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට ප්‍රවේශම් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.














