දිවයිනේ බොහෝ ප්‍රදේශවල හෙට (29) පස්වරු 1:00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (28) පස්වරුවේ නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකිය.
දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදීත් වැසි ඇතිවිය හැකි බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.














