ඉදිරි පැය 36 සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නවතම කාලගුණ අනාවැකිය නිකුත් කර තිබේ.
ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති විය හැකි බව වාර්තා වේ. වයඹ පළාතේ වැසි වාර කිහිපයක් අපේක්ෂා කළ හැකි අතර, අම්පාර, මොණරාගල සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල පස්වරු 2.00 න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැක. දිවයිනේ සෙසු ප්‍රදේශවල කාලගුණය ප්‍රධාන වශයෙන් වියළි ස්වභාවයක් ගන්නා බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
















