අද (29) පස්වරු 1.00 න් පමණ පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. විශේෂයෙන්ම උතුරු, උතුරු මැද, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවට පුරෝකථනය කර තිබේ. මීට අමතරව දකුණු පළාතේ ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී ද වැසි ඇතිවිය හැකිය.
මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි බව කාලගුණ වාර්තාවල දැක්වේ. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී. විශේෂයෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී විදුලි උපකරණ භාවිතය සහ එළිමහනේ රැඳී සිටීම පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්න.














