කළු, කැලණි සහ අත්තනගලු ඔය ආශ්‍රිත ප්‍රදේශවලට ඊයේ (16) දිනය තුළ ලැබුණු වර්ෂාපතනයේ අඩුවීමක් නිරීක්ෂණය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ දිනයේදී ගංගා ද්‍රෝණි ආශ්‍රිතව ලැබුණු ඉහළම වර්ෂාපතනය ලෙස කළු ගඟ ද්‍රෝණියෙන් මිලිමීටර් 50ත් 75ත් අතර අගයක් වාර්තා වී තිබේ.
මීට අමතරව අත්තනගලු ඔය සහ කැලණි ගඟ ආශ්‍රිත ඇතැම් ස්ථානවලට මිලිමීටර් 60ත් 70ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති අතර, සෙසු ගංගා ආශ්‍රිත ප්‍රදේශවලින් වාර්තා වී ඇත්තේ මිලිමීටර් 25ට අඩු වර්ෂාපතනයකි.
වැසි තත්ත්වයේ අඩුවීමක් පැවතියද අත්තනගලු ඔයේ ජල මට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින අතර, එය මේ වන විට මහා ගංවතුර මට්ටමේ සිට ‘අවධානම් මට්ටම’ දක්වා පහත බැස ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. කෙසේ වෙතත්, කුඩා ගඟෙහි ජල මට්ටම තවදුරටත් ‘සුළු ගංවතුර’ තත්ත්වයක පවතින බැවින් ඒ පිළිබඳව විමසිලිමත් වන ලෙස දන්වා සිටියි.














