පේරාදෙණිය රජවත්ත මාර්ගයේදී ලොරි රථයක ගැටීමෙන් බෝවලවත්ත ප්‍රදේශයේ ආරාමයක වැඩසිටි 83 හැවිරිදි හිමිනමක අපවත් වී ඇති බව පොලීසිය පවසයි. ඊයේ (16) දින පේරාදෙණිය සිට මහනුවර දෙසට ධාවනය වූ ලොරි රථයක, මාර්ගය හරහා ගමන් කරමින් සිටි මෙම හිමිනම ගැටීමෙන් අනතුර සිදුව ඇත.
අනතුරින් බරපතළ තුවාල ලැබූ හිමිනම වහාම පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තද, ඒ වන විටත් උන්වහන්සේ අපවත් වී සිටි බව වාර්තා වේ. අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු පේරාදෙණිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.














