දිවයිනේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. අද (2026 ජූලි 05) දිනයේද බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව වාර්තා වේ.
මේ අතර, පවතින කාලගුණික බලපෑම හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද අපේක්ෂා කෙරේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්, රත්නපුර, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් පැයට කිලෝමීටර 40 – 50 පමණ වේගයකින් විටින් විට තද සුළං හමනු ඇති බව කාලගුණ නිවේදනයේ සඳහන් වේ.
වැසි සහිත කාලගුණික තත්ත්වයන් සහ පවතින තද සුළං හමන ප්‍රදේශවල ගමන් කරන රියදුරන් සහ එළිමහන් කටයුතුවල නිරත වන ජනතාව මේ පිළිබඳ වැඩි අවධානයකින් පසුවන ලෙස බලධාරීන් ඉල්ලා සිටී.
















