බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. අද (12) පස්වරු 6.30ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය හෙට (13) පස්වරු 6.30 දක්වා බලංගු වේ.
මේ වන විට දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙමින් පවතින අතර, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ජනතාවට දැඩි විමසිලිමත් වන ලෙස කාලගුණ අංශ දැනුම් දෙයි.














