ශ්‍රී ලංකාවේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් වෙනුවෙන් පිහිටුවන ලද ‘The Tree House International’ පාසලේ නිර්මාතෘ ඇන්ටන් ජේම්ස් මහතා, අයර්ලන්ත මනෝවිද්‍යා සංගමයේ (PSI) ජෙයෂ්ඨ සාමාජිකයෙකු (Fellow) ලෙස තෝරා පත් කර ගෙන තිබේ.
Economynext පුවත් සේවය වාර්තා කරන පරිදි, මනෝවිද්‍යාවට අදාළව විශිෂ්ට දායකත්වයක් ලබා දෙන වෘත්තිකයින්ට අයර්ලන්ත මනෝවිද්‍යා සංගමය මඟින් ප්‍රදානය කරනු ලබන ඉහළම තනි පුද්ගල ගෞරවය මෙය වේ. මීට වසර දෙකකට පෙර බ්‍රිතාන්‍ය මනෝවිද්‍යා සංගමයේ ද සේවා සාමාජිකයෙකු ලෙස තෝරා පත් කර ගනු ලැබූ ඒ මහතා, ශ්‍රී ලංකාවේ ස්නායු සංවර්ධන සත්කාර සහ චර්යාත්මක මනෝවිද්‍යාව වෙනුවෙන් සිදු කර ඇති සේවය මෙහිදී අගය කර ඇත.













