ප්රබල අකුණු ඇතිවීමේ අවදානමක් සම්බන්ධයෙන් කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද (16) පෙරවරු 11.30ට නිකුත් කළ එම නිවේදනය අද රාත්රී 11.30 දක්වා වලංගු බව සඳහන් වේ.
ඒ අනුව සබරගමුව, මධ්යම, උතුරු මැද, ඌව සහ වයඹ පළාත්වලත්, මඩකලපුව, ත්රිකුණාමලය, මුලතිව්, වව්නියාව සහ මන්නාරම දිස්ත්රික්කවලත් සවස් කාලයේ හෝ රාත්රී කාලයේ තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතී.
ගිගුරුම් සහිත වැසි ඇති වන අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකි බව දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අකුණු අනතුරුවලින් ආරක්ෂා වීම සඳහා ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවල එළිමහනේ රැඳී සිටීමෙන් වළකින ලෙසත්, ආරක්ෂිත ගොඩනැගිල්ලක් තුළ රැඳී සිටින ලෙසත් ජනතාවට උපදෙස් දෙනු ලැබේ.
















