චීනයේ සාන්යා හි පැවැත්වෙන 6 වන ආසියානු වෙරළ ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාවට තවත් ජයග්‍රහණයක් අත්කර දෙමින් පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට ජයත්‍ර සම්පත් මිරැන්ඩා අද (25) සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව මේ වන විට ක්‍රීඩා උළෙල තුළ රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් ඇතුළුව සමස්ත පදක්කම් තුනක් හිමිකරගෙන ඇති අතර ඒ අනුව පදක්කම් සටහනේ 5 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද ශ්‍රී ලංකාවට හැකියාව ලැබී තිබේ. මේ වන විට රන් පදක්කම් දෙකක් දිනා සිටින වියට්නාමය පදක්කම් සටහනේ පෙරමුණේ පසුවන අතර සත්කාරක චීනය එහි දෙවන ස්ථානය ලබා සිටින බව වාර්තා වේ.














