පාකිස්තාන කණ්ඩායම සමඟ පැවති දෙවන අවසන් පූර්ව තරගයෙන් කඩුලු 4ක විශිෂ්ට ජයග්රහණයක් වාර්තා කරමින් ශ්රී ලංකා කාන්තා කණ්ඩායම ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
පළමුව පන්දුවට පහර දුන් පාකිස්තාන කණ්ඩායම පන්දුවාර 20 තුළ කඩුලු 5කට ලකුණු 130ක් ලබා ගත් අතර, පිළිතුරු ලෙස ශ්රී ලංකා කණ්ඩායම පන්දුවාර 18.4කදී කඩුලු 6ක් දැවී ලකුණු 131ක ඉලක්කය පසුකර ගියේය. ඒ අනුව, ලබන ඉරිදා (13) ඉන්දියාව සමඟ පැවැත්වෙන අවසන් මහා තරගය සඳහා ශ්රී ලංකාව ක්රීඩා කරනු ඇත.
















