පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත එක්දින තරගාවලිය සඳහා සාමාජිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ජාතික ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
මෙම තරගාවලිය 2025–2029 ICC කාන්තා ශූරතාවලියේ කොටසක් ලෙස පැවැත්වේ. තරග තුනකින් සමන්විත මෙම එක්දින තරගාවලිය ජූලි 23, 25 සහ 28 යන දිනවලදී හම්බන්තොට, මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
















