සංචාරක පාකිස්තාන කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තරග 3කින් සමන්විත උණුසුම් එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වී තිබේ. සූරියවැව මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති තීරණාත්මක තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක දැවැන්ත හා විශිෂ්ට ජයක් හිමිකර ගනිමිනි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙම තරගාවලි ජය තහවුරු කර ගත්තේ.ප්‍රථමයෙන් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි පාකිස්තාන කාන්තා කණ්ඩායමට පන්දු වාර 40ක් අවසානයේ සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 187ක් පමණි. ජයග්‍රහණය සඳහා ලකුණු 188ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දු වාර 37.2ක් තුළ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 191ක් ලබා ගනිමින් ඉතා සුවපහසු ලෙස තරගයේ ජයග්‍රහණය කරා ළඟා විය. ශ්‍රී ලංකා இன்னිම සාර්ථක කරමින් හර්ෂිතා සමරවික්‍රම නොදැවී අගනා ලකුණු 71ක් සහ හසිනි පෙරේරා නොදැවී ලකුණු 50ක් රැස් කරමින් කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කිරීමට ප්‍රධාන දායකත්වයක් සැපයූහ.














