2026 කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය සඳහා ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නම් කර තිබේ.
මෙවර කාන්තා T20 ආසියානු කුසලාන තරගාවලිය අගෝස්තු 28 වැනිදා සිට සැප්තැම්බර් 13 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතයි. අත්දැකීම් බහුල තුන් ඉරියව් ක්‍රීඩිකා චමරි අතපත්තු ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරන අතර, උපනායකත්වය සඳහා හර්ෂිතා සමරවික්‍රම නම් කර ඇත.














