ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25ම නියෝජනය කරමින් කොළඹදී රැස් වූ තරුණ පිරිසක්, යෝජිත දුම්කොළවලින් තොර පරපුරේ ප්‍රතිපත්තිය (Tobacco-Free Generation policy) කඩිනමින් නීතිගත කරන ලෙස රජයෙන් ඉල්ලා සිටියහ. අනාගත පරපුර දුම්කොළ භාවිතයෙන් ආරක්ෂා කිරීමේ අරමුණින් ‘Youth Action Network Sri Lanka’ (YAN Sri Lanka) සංවිධානය විසින් මෙම එකතුව සංවිධානය කර තිබුණි.
2010 වසරේ හෝ ඉන් පසු උපන් පිරිසට දුම්කොළ නිෂ්පාදන අලෙවි කිරීම තහනම් කිරීම මෙම යෝජිත ප්‍රතිපත්තිය මඟින් අපේක්ෂා කෙරෙන අතර, තරුණ පරපුර දුම්කොළ භාවිතයට ඇබ්බැහි වීම වැළැක්වීම මෙහි මූලික අරමුනයි. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් 2024 වසරේදී මෙම ප්‍රතිපත්තිය හඳුන්වා දෙන ලෙස ඉල් සිටි අතර, ජාතික මත්ද්‍රව්‍ය හා මත්පැන් අධිකාරිය (NATA) විසින් 2026 අප්‍රේල් මාසයේදී අදාළ යෝජනාව සෞඛ්‍ය අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කරනු ලැබීය. මහජන සෞඛ්‍යය ආරක්ෂා කිරීම සඳහා බලධාරීන් කඩිනමින් අවශ්‍ය නීතිමය හා ප්‍රතිපත්තිමය වෙනස්කම් සිදු කළ යුතු බව කොළඹදී රැස් වූ තරුණ ප්‍රජාව මෙහිදී අවධාරණය කළහ.














