ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත බලපන්ති නිලධාරියකු වන ශාන්ත ජයතිලක මහතා විසින් ඉදිරිපත් කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙනම ඉවත දැමීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබේ.
අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලුණු අතර, පෙත්සම ගොනු කිරීම ප්‍රමාද වී ඇති බව සහ අත්‍යවශ්‍ය පාර්ශ්වකරුවන් නිසි ලෙස නම් කර නොමැති බවට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඉදිරිපත් කළ මූලික විරෝධතාව පිළිගනිමින් අධිකරණය මෙම නියෝගය නිකුත් කළේය. ජීව විද්‍යාත්මක පදනමෙන් බැහැරව අභිමතය පරිදි සැත්කම් මඟින් ලිංගික අනන්‍යතාව වෙනස් කරගැනීමට පහසුකම් සලසන රාජ්‍ය චක්‍රලේඛ සහ වැඩසටහන් බලරහිත කරන ලෙස ඉල්ලමින් මෙම පෙත්සම ගොනු කර තිබුණි.
















