සෞදි අරාබියේ දම්මාම් වෙත සිදුකරන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්රී ලන්කන් ගුවන් සමාගම පියවර ගෙන තිබේ.
ඒ අනුව, අද (12) දින සිට ලබන 18 වන දින දක්වා කටුනායක සහ දම්මාම් අතර ගුවන් ගමන් මෙලෙස නවතා දමන බව එම සමාගම නිවේදනය කරයි. සෞදි අරාබියේ ආරක්ෂාව සම්බන්ධ මෑතකාලීන තත්ත්වය සහ පවතින පසුබිම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති අතර, තත්ත්වය වාණිජ ගුවන් ගමන් සඳහා සුදුසු බවට තහවුරු වූ වහාම අදාළ ගුවන් ගමන් යළි ආරම්භ කිරීමට නියමිතය.
















