හිටපු පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අද (12) අත්අඩංගුවට ගෙන තිබේ.
පොස්පේට් අපනයනය සම්බන්ධයෙන් තෝරාගත් සමාගම් තුනකට අවශ්ය බලපත්ර ලබාගැනීමට සහාය වීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 81ක අල්ලසක් ලබාගත් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මෙම විමර්ශනය සිදු කෙරේ.
අදාළ විමර්ශනයට ප්රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන කොමිසම වෙත පැමිණි ඔහුගෙන් පැය තුනකට අධික කාලයක් ප්රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.
චාමර සම්පත් දසනායක මහතාගේ හිටපු පෞද්ගලික ලේකම්වරයා වන සුමතිපාල ලියනාරච්චි මහතා ද මෙම සිද්ධියට අදාළව මීට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්රියාත්මක වන අතර, අදාළ චෝදනා සම්බන්ධයෙන් අවසන් නීතිමය තීරණයක් ප්රකාශයට පත් කර නොමැත.
















