තායිලන්තයේ බැංකොක් නුවර පැවැති ආසියානු ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ හොකී තරගාවලියේදී විශිෂ්ට දස්කම් දක්වමින් අනුශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම යළි දිවයිනට පැමිණියේය.
මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම වසර 20කට පසු ප්‍රබල බංග්ලාදේශ කණ්ඩායම පරාජය කිරීමට සමත් වූ අතර, ඉතිහාසයේ පළමු වරට මෙම තරගාවලියක අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට ද ඔවුන් සමත් විය. මෙම ජයග්‍රහණයත් සමඟ මෙවර ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී ඉසව්ව නියෝජනය කිරීමේ අවස්ථාව ද ශ්‍රී ලංකාවට හිමි වී තිබේ.













