දැනට සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්න අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබූ තවත් දූෂණ නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අද (11) කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.
එහිදී අධිකරණය හමුවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, අදාළ නඩුව විභාගයට ගැනීම සඳහා මහාධිකරණය විසින් දින නියම කර ඇත.














